පරිගනක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
දෘඩාංග හා මෘදුකාංග
දෘඩාංග (Hardware) යනු පරිගනකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
මෘදුකාංගයක් පරිගනකයේ ප්‍රධාන මතකය (Main Memmory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Meachine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
No comments:
Post a Comment