SHA

Saturday, June 26, 2010

පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග


මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි.

පරිගනකයේ ප්‍රධාන මතකයේ ඇති ද්වීමය උපදෙස් මාලා සහ දත්ත, (debug විධානය මගින් බලා ගැනීම).

පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි.

මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි.

No comments: