මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.
මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.
පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.
පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත...
- නිවැරදි විය යුතුය, (Accurate).
- යාවත්කාල විය යුතුය, (Up to date).
- සම්පූර්ණ විය යුතුය, (Complete).
- පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant).
Validation
පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය.
No comments:
Post a Comment